Spread the love

දිවයිනෙන් ඊයේ (06)දිනයේ කොරෝනා ආසාදිතයින් 776 දෙනෙකු වාර්තා වූ බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 522778ක් බව පැවසීය.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 475 සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 478326කි.
මේ අතර මෙරට (05) පෙරේදා  සිදුවූ කොරෝනා ආසාදිත මරණ 43 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13185 දක්වා ඉහළගොස්ඇතිබව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.