Spread the love

කොවිඩ් වසංගතයත් සමග වසර දෙකක දී සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජයගැනීමට, නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩකිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්රුවන්ට පවසයි.

අද (07) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. 

රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක කරා එලඹීමට නොහැකි වුවත් සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම මත කොවිඩ් මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එන්නත්කරණයත් සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එලඹීමට උදාවූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජයගැනීම සියලු දෙනා ඉදිරියේ ඇති වගකීම බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.

අදාල සාකච්ජාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.