එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා පැසිපික් කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ ගේ 04 වන සැසිවාරයේ උප සභාපති ධුරය සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට සුළු මොහොතකට පෙර පත් කර ගෙන ඇත.
අද දින (07 ) කොරියා ජනරජයේ සුවොන් සිටි හි පැවැති පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ දී මෙම උප සභාපති ධුරය මහින්ද අමරවීර මහතාට හිමි විය.
ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා පරිසර බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලැබීය. මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවීම අප රට ලැබූ ගෞරවයක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
