“තරුමිණි with ශාස්ත්‍රා” නර්තන කණ්ඩායම අංක එකට ඔසවා තැබීමට දායක වූ දගකාර කටකාර රුවැත්තිය ඇයයි.
රාත්‍රී 9.30 දරණි නාට්‍යයේ විනුලිගේ චරිතය රගපාමින් ටෙලි තිරයට පැමිණි ඩිලූෂි හංසිකා සමගයි අපේ පිළිසදර.

දරණි ටෙලිඩ්‍රාමාහි විනුලිගේ සැබෑ නම
මගේ සම්පුර්ණ නම ගාර්දි හේවා පන්නපතීගේ ඩිලූෂි හංසිකා කුමාරි. මාව අමතන්නේ ඩිලුෂි හංසිකා ලෙස.

ඩිලුෂි ගේ ගම
මොරටුව කටුබැද්ද

ඔබේ පාසල
දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය
වයස
අවු.23

පාසල් කාලයේ දැක්වූ දස්කම්
මම පාසලේ නිවේදන කටයුතු, නර්තන තරග, විවාද තරග වගේ ගොඩක් බාහිර කටයුතු වලට ඉදිරිපත් වුණ කෙනෙක්. ජාතික මට්ටමේ තරගවලින් පවා ජයග්‍රහණය කරලා තිබෙනවා. බාහිර කටයුතු සමග අධ්‍යාපනයත් සමබරව කරගෙන ගියා.
මම නර්තනයට ගොඩක්ම කැමතියි. ගොඩක් අය විශ්වාස කලේ මම නර්තනය පැත්තෙන් ඉදිරියටම යයි කියලා.

නමුත් ඔබ දැන් විශ්ව විද්‍යාල සිසුවියක්
ඔව්. මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යාපන විශේෂවේදී උපාධිය හදාරනවා. මම විශ්ව විද්‍යාල අවසන් වසර සිසුවියක්.

ඔබ කැමත්තෙන් හිටියේ නීතිඥවරියක් වෙන්න නේද?
ඔව්. ඇත්තටම ලෝයර් කෙනෙක් වීම තමයි මගේ අරමුණ වුනේ. නමුත් නීති පීඨයට ඇතුලත් වෙන්න මට z ලකුණු මදි වුණා.

ඒ ගැන ඔබ පසුතැවෙනවද?
ඇත්තෙන්ම නැහැ. මම හැමවිටම ධනාත්මකව හිතන කෙනෙක්. ඒ නිසා මට ලැබුණු හැමදේටම මම කැමතියි. මේ අවස්ථාවේදීත් මම ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි.

ඔබ කලාවට යොමු වුණේ?
මම 2020දී දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගී වුණා. එම තරගයෙන් 3 ස්ථානය මට හිමිවුණා. පසුව මට දරණි ටෙලි නාට්‍යයේ රගපෑමට ආරාධනා ලැබුණා. මේ වනවිටත් මම දරණි නාට්‍යයේ රගපෑම් කටයුතු කරගෙන යනවා.

පවුලේ විස්තරත් කියමු.
මමයි, අම්මයි, අප්පච්චියි, මල්ලිලා දෙන්නයි. අප්පච්චි ව්‍යාපාරිකයෙක්. මගේ අම්මා තමයි මට හැමදේම කරලා දෙන්නේ. අම්මා මට ලොකු ශක්තියක්.

කලා ජීවිතය ගැන කිව්වොත්?
මම දැන් ගත කරන කලා ජිවිතයට ගොඩක්ම කැමතියි. කලාකාරිණියක් වීම ජිවිතයට ලැබුණු ඉමහත් ගෞරවයක් ලෙසයි මම පිළිගන්නේ.

අනාගත බලාපොරොත්තු
උපාධිය ලැබීමෙන් පසු උසස් රැකියාවක නිරත වීම තමයි මගේ බලාපොරොත්තුව.

SRI RAJ
-Nimal Rajapaksha –
0777 305 751
srirajnews@gmail.com