නුවරඑළිය රාගලවත්ත මැද කොටසේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 05 මියගොස් ඇතිබව පොලිස්මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පැවසීය.
ගින්නේ අවරුදු 60 පුද්ගලයකු ,කාන්තාවන් දෙදෙනකු හා වයස අවුරුදු 1ක සහ 11ක කුඩා ළමුන් දෙදෙනෙකු ද සිටින බවයි වැඩිදුර තොරතුරු වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
