Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(08) පෙරවරු 07.00 සිට දවල් 12.30 දක්වා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මේ වනවිට සෞඛ්‍ය සේවකයින් 14 දෙනෙකු කොරෝනා රෝගයෙන් මියගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා කප්පාදුව ඇතුළු කාරනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්න බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.