Spread the love

රුසියානු සංචාරකයන් දහසකට ආසන්න පිරිසක් මේ මාසයේ ඉදිරි දිනවලදී මෙරටට පැමිණීමට නියමිතය. මේ වනවිට මොස්කව් සිට කොළඹට පැමිණෙන සියලුම ශ්‍රී ලංකන් ගුවන් යානා වල ආසන වෙන්කර ගැනීම සඳහා රුසියානු සංචාරකයන් කටයුතු කරමින් සිටි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තා අනුව මේ වනවිට එම ගුවන් යානා වල ආසන වෙන් කිරීම සම්පූර්ණ වෙමින් පවති.
ශ්‍රි ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් නුවර සිට සතියකට වරක් සෘජු ගුවන් ගමනක් සිදු කරයි.

ඒ අනුව ඔක්තෝම්බර් 09, ඔක්තෝම්බර් 16,ඔක්තෝම්බර් 23 හා ඔක්තෝම්බර් 30 ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යූ.එල් 534 ගුවන් යානය මොස්කව් සිට මෙරටට පැමිණීමට නියමිත අතර මෙම ගුවන් යානා මගින් මෙරටට පැමිණීම සඳහා දහසකට ආසන්න පිරිසක් ආසන වෙන් කරගෙන තිබේ.

ඉදිරි මාස 02ක කාලය තුළ මෙරටට රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ විශේෂ වර්ධනයක් දක්නට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.