Spread the love

කොරෝනා වසංගත තත්ත්වය හේතුවන් පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමට සිංගප්පූරුව තීරණය කර තිබෙනවා. 

පූර්ණ එන්නත්කරණයට ලක්වූ කැනඩා, ඩෙන්මාර්ක්, ප්‍රංශ, ඉතාලි, නෙදර්ලන්ත, ස්පාඥ්ඥය, අමෙරිකා සහ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට ලබන 13වනදා සිට සිය රටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනන බවයි සිංගප්පූරු රජය නිවේදනය කළේ. 

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට පූර්ණ එන්නත්කරණයට ලක් වු දකුණු කොරියානු ජාතිකයින්ටද සිංගප්පූරුවට ඇතුලුවීමට අවස්ථාව හිමිවනු ඇති. 

එරට අග්‍රාමාත්‍ය ලී ශිඑන් සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරය සමග දිවි ගෙවීමට සහ රට ඉදිරියට ගෙන යාමට කාලය එළඹ ඇති බවයි. 

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා දැඩි නීති මෙන්ම සංචරණ සීමා පැනවු රටක් ලෙයසි සිංගප්පූරුව සැලකෙන්නේ. 

ඩෙල්ටා වෛරසය ඉවත්ව යාමක් පෙන්නුම් නොකරන බවත් සෞඛ්‍ය ක්‍රමවේදයට අනුව කටුයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයිඑරට අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ‘. සිංගප්පූරුවෙන් මේ වන විට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ එක් ලක්ෂ 24,157ක් පමණයි. එරටින් කොරෝනා මරණ 153ක් පමණක් මේ දක්වා වාර්තා වීම විශේෂත්වයක්.