ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා පක්ෂ බේදයකින් තොරව ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
සිය දේශපාලන අරමුණු වෙනුවෙන් රටේ පවතින නීතීයට අනුකූලව සිදු කරනු ලබන ආයෝජන අවස්ථාවන්ට කවුරුන් හෝ විරුද්ධ වන්නේ නම්, එය රටේ සංවර්ධනය ආපස්සට හැරවීමට කරන උත්සාහයක් .
අපේ රටේ ආයෝජකයෝ විදෙස් රටවල ගිහින් ආයෝජනය කරනවා. අපේ අය විදෙස් රටවල ගිහින් රැකියා කරනවා. හැබැයි විදෙස් රටවල අයට මෙහෙ ආයෝජනය කරන්නත් බැහැ, රැකියා කරන්නත් බැහැ. විරුද්ධ වෙනවා. ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් පාඩු ලබනවා. ඒවා නඩත්තු කරන්න මිලියන 22 ක් ජනතාව බදු ගෙවනවා. මේ වැය වෙන්නේ ජනතාවගේ සල්ලි. අපි රජයක් විදියට උත්සාහ කරන්නේ ජනතාවගේ මුදල් නාස්තිය අවම කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න.
ලෝකයේ රට රටවල් එකතුවෙලා ද්වි පාර්ශවික හා බහු පාර්ශවික වශයෙන් දියුණු වෙන්න උත්සහ කරනවා. නමුත් අපේ රට ඉන්දියාව, ඇමරිකාව, චීනය හා ජපානය වැනි රටවල් සමග ආයෝජනය කරන්න හැදුවම විරුද්ධ වෙනවා. හැබැයි මේ විරුද්ධ වෙන කට්ටිය ඒ රටවල නායකයින් හම්බවෙලා, ඒ පාලන කාලය තුළ ආයෝජනය කරන්න එන්න කියනවා. එයාලට බලය නැතිවුනාම ආයෝජනය කරන්න විදෙස් රටක් එනවනම් ඒකට විරුද්ධ වෙනවා. මොකක්ද මේ විපක්ෂයේ දෙබඩි පිළිවෙත.
