Spread the love


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් විට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි වන අතර දිවයිනේ උතුරු ප්‍රදේශයේ අහස වලාකුළින් බරව පවතිනු ඇත.
උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.