විශාල දායකත්වයක් සපයන පුත්තලම ලක්විජය බලාගාරය තවදුරටත් ඵලදායි ආකරයෙන් පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව විදුලි බලඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි.
ඒ වගේම මෙවැනි සුවිශේෂී බලාගාරයක් තුළින් මේ රටේ තරුණ ප්‍රජාවට තාක්ෂණික සහ න්‍යායාත්මක පුහුණුවක් ලබාදෙමින්, ඔවුන් විදෙස් රැකියා වෙළදපල වෙත සුදුදුකම් ලැබූවන් බවට පත්කිරීම සදහා අවශ්‍ය වැඩකටයුතු සම්පාදනය කළ යුතුයි .විදුලි පාරිභෝගික ජනතාව වෙත, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සැපයුමක් ලබාදීම තමයි විදුලිබල අමාත්‍යවරයා වශයෙන් මාගේ ප්‍රධාන වගකීමයි
.

ජාතික ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයමින්, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් එක්කෙරෙන, පුත්තලම, නොරොච්චෝල ලක්විජය ගල් අගුරු විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා පසුගියදා බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චරිකාවකට එක්වෙමින් අභිනව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙම අදහස් පළකළේය.

බලාගාරයේ ක්‍රියාකාරීත්වය, ගල්අගුරු ලබාගැනීම, පරිසර සුරක්ෂිතතාව මෙන්ම සේවක සුභසාධනය පිළිබදව කරුණු විමසූ විෂයබාර අමාත්‍යවරයා, දෙස් විදෙස් කීර්තියක් හිමිකරගත් මෙවැනි සුවිශේෂී බලාගාරයක් තුළින් කාර්මික විද්‍යාල වෙත යොමුවන දරුවන් සදහා පුහුණු අවස්ථා ලබාදීම තුළින් ඔවුන් ජාත්‍යන්තර රැකියා වෙළදපොල වෙත යොමුකිරීමට සුදුසුකම් ලාභීන් බවට පත්කළ හැකි බවත්, ඒවෙනුවෙන් අවශ්‍ය කටයුතු සලසන ලෙසත්, අමාත්‍යාංශ ලේකම් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වෙත උපදෙස් සපයන ලදී.

එසේම ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරනු වස්, වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් තමා ප්‍රමුඛ විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට දියත්කර ඇති සහ දියත් කිරීමට යෝජිත ව්‍යාපෘතීන් පිළිබදව අදහස් දක්වමින්, මේ සියල්ලක්ම තුළින් බලාපෙරොත්තු වන්නේ විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සැපයුමක් අවම මිලක් යටතේ සැපයීම බවත් ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
