ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කල අතර කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇත. ඒ අනුව නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසයි.
කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14කින්ද අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,071ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 506ක් බව ලිට්‍රෝ සමාගම පවසනවා.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කිරීමත් සමඟ ඊයේ (10) රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,257කින්, කිලෝග්‍රෑම් 5 රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ නැංවීමට කටයුතු කළේය.
