පුර පසලොස්වක් පොහොය නිමිත්තෙන් ලබන 20 දා දිවයින පුරා ඇති මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර ඇත.
සමහර සමාජ ජාලා වෙබ් අඩවි මගින් එම පොහොය දින ද ඇතුඵව දින දෙකක් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවට කර ඇති නිවේදනය සාවද්‍ය හා පදනම් විරහිත බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිිංහ මහතා පවසයි.
