පසුගිය අගෝස්තු මාසය අවසන් වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) විසින් රුපියල් මිලියන 2028.33ක ආදායමක් උපයා ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 74ක වර්ධනයක් බව එම ආයතනය විසින් පරිසර අමාත්‍යාංශයට දන්වා ඇත.ඇමතිවරයා මෙම අදහස් පළකලේ GSMB ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව කළ විමසීමක දී ය.
විශේෂයෙන් වැලි, කළුගල්, පස් හා බොරළු සම්බන්ධව කැණීම් හා ප්‍රවාහන බලපත් ලබා දීම, ඛනිජ සම්පත් අපනයනය සඳහා බලපත් ලබා දීම මෙන්ම විවිධ බාහිර ආයතන විසින් සිදු කරගනු ලබන භූ සමීක්ෂණ වැනි සේවාවන් මගින් මෙම ආදායම් උපයා ඇත. මෙම වසරේ ගත වූ කාලය තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වැලි, කළුගල්, පස් හා බොරළු ප්‍රවාහණය සඳහා ලබා දී ඇති බලපත් ප්‍රමාණය 777,000කි. මෙම වසර අවසන් වනවිට නිකුත් කරනු ලබන ප්‍රවාහන බලපත් ප්‍රමාණය මිලියනය ඉක්මවනු ඇතැයි GSMB ආයතනය පවසයි.
එමෙන්ම මේ වනවිට ගවේෂණ බලපත් 12ක්, කාර්මික බලපත් 1856ක්, වෙළෙඳ බලපත් 281ක්, ප්‍රවාහණ බලපත් 777,000ක් අපනයන බලපත් 374ක් ද වශයෙන් GSMB ආයතනය විසින් නිකුත් කර ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය බලපත් නිකුත් කිරීම මෙන්ම වෙනත් ආදායම් මාර්ග කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය.
