සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමය මඟින් රු.මි 150ක් වටිනා ඔක්සිජන් ජනන (Oxygen Concentrator) යන්ත්‍ර 250ක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ , වෛද්‍ය සැපයුම් අංශයේදී පරිත්‍යාග කරන ලදී.
සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමයේ කේ. ගුණරත්න නායක ස්වාමීන්වහන්සේගේ හා හෙන්ඩ්‍රි බේ මහතාගේ මූලිකත්වයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.
“සූම්” (Zoom) තාක්ෂණය ඔස්සේ සිංගප්පූරුවේ මහාකරුණා බෞද්ධ සංගමය ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, මෙම අත්‍යාවශ්‍ය උපකරණ කොවිඩ් වසංගතය පවතින සමයේ අප රටට ලැබීම ඉතා අගය කළයුතු බවයි. තවද රාජ්‍ය අමාත්‍යවරයා ග්‍රාමීය ප්‍රදේශවල රෝහල් සඳහා ඔක්සිජන් ජනන යන්ත්‍ර ලබා දීමට අවශ්‍ය
කටයුතු කඩිනමින් සංවිධානය කරන ලෙස අදාළ නිලධාරීන්ට එම අවස්ථාවේදී උපදෙස් ලබා දෙන ලදී.
