මෙරටට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරියේදී රජයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව මහ බැංකු අධිපතිවරයා පැවසීය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, මෙරටට වාහන ආනයනය කිරීමේදී සියලු ආනයන වියදම් විදෙස්වල ඇති මුදල් පමණක් භාවිත කර සිදුකිරීමේ නව ක්‍රමවේදයක් පිළිබඳව එහිදී යෝජනා කරන බවය.
වාහන සම්බන්ධයෙන් යම් බුබුලක් ඇති වෙනවා අපි දකිනවා. සමහරවිට ඉදිරි කාලයේදී අපේ වාහන පද්ධතියට කිසියම් හානියක් වෙන්න පුලුවන් .අපේ යෝජනාවක් තිබෙනවා පිටරටවලින් වාහන ගෙන්වන්න.ඊටත් අමතරව පිටරට මුදල් වලින් ගෙවීම සදහා ක්‍රමවේදයක් සකස් කරන්න පුලුවන් නම් ඒ තුළින් විදේශ විනිමය ගලාඒමක් සිදු වෙනවා.අවශ්‍ය භාණ්ඩත් ලැබෙනවා.හෙට අනිද්දා වෙනවිට රජයට ඒ පිළිබදව ලිඛිතව දන්වන්න බලාපොරොත්තු වෙනවා.
