Spread the love


ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දුන් දුනු විදීම් සංචිතයේ ක්‍රීඩිකා ඩබ්ලිව් .ටී දමයන්ති මහත්මියට වීදීම් උපකරණ ලබා ගැනීම සදහා රුපියල් ලක්ෂ දෙකක මුල්‍ය පරිත්‍යාගයක් පරිසර ඇමති මහින්ද අමරවීම මහතා විසින් අද දිනයේ ලබා දෙන ලදි.


ඇය දකුණු පළාතේ මාතර , තෙලිජ්ජවිල , හොරගොඩ, අඹසෙවන ලිපිනයෙහි පදිංචි ඩබ්.ටී දමයන්ති ක්‍රීඩිකාවයි. කොළඹ දුනු විදීමේ සංගමය නියෝජනය කරන ජාතික සංචිතයේ ක්‍රීඩිකාවකි.


ඇය 2018 වර්ෂයේ බංගලාදේශයේ ඩකා අගනුවර පැවැති දුනු විදීමේ තරඟාවලියේ මිශ්‍ර තරඟයේ මීටර් 50 ඉසව්වේ ලෝකඩ පදක්කමද 2019 නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කේවල තරඟයේ මීටර් 50 ඉසව්වේ ලෝකඩ පදක්කමද , මිශ්‍ර කාන්තා තරඟයේ මීටර් 50 ඉසව්වේ රිදී පදක්කම හා මිශ්‍ර තරඟයේ මීටර් 50 ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමියකම් ලැබූ අතර පසුගිය ඔක්තෝම්බර් 09 වන දින කොළඹදී පැවතී තේරීම් තරඟයෙන් ආසියානු දුනු විදීමේ තරඟාවලිය 2021 නොවැම්බර් මස 13 – 20 දින වලදී බංගලාදේශයේ ඩකා නුවර පැවැත්වීමට නියමිතය.


එබැවින් ඇයගේ දුනු විදීමේ දක්ෂතා ඉදිරියට පවත්වාගනෙ යාම සඳහා ඇයට පුහුණු වීම් වලට හා තරඟ වලට භාවිත කිරීමට දුනු හා ඊතල කට්ටලයක් ලබා ගැනීමට මෙම මූල්‍යමය ආධාර පිරිනමන බව අමාත්‍යවරයා පැවසීය.