Spread the love

වසර ගණනාවක සිට ගාල්ල හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ අබලන්ව හා අවශ්‍යාතව මත පාලම් කිහිපයක් රුපියල් මිලියන 80 ක වියදමකින් ඉදිකිරිම් කටයුතු මේවන විට ආරම්භ කර ඇතිබව මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් ඒකකය පවසයි.

ඒ අනුව මේ වනවිට නියාගම ,නාගොඩ ,නෙලුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පාලම් රැසක ඉදිකිරීම් ක්‍රියාත්මකයි.

එම ප්‍රදේශයේ අවශ්‍යතා මත නව පාලම් 05 ඉදිකිරීම් ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.