දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
දීර්ඝ සති අන්තයක් සමගින් ලබන 19 සහ 20 දිනවල නිවාඩු යෙදී ඇති බැවින්ඇ පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවලට නියෝග කර ඇත.
විඩීයෝ තාක්ෂණය ඔස්සේ අද (15) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
