Spread the love

පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම (15) අදින් ආරම්භ වන බව අධ්‍යපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිලිබද අතිරේක ලේකම් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.

එන්නත් ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන අතර මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයට පෙනීසිටින දරුවන්ට සහ එක්වරක් පමණක් උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට එන්නත ලබාදීමට සැලසුම් කර ඇතිබව පැවසීය.

ඒ සදහා මේවන විට කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 50ක් ක්‍රියාත්මක වෙයි.සිසුන් 44491ක් දෙනෙකු සඳහා එන්නත් ලබාදීමට නියමිත බව සදහන් කළේය.

එම දරුවන් සදහා “ෆයිසර්” එන්නත ලබාදීමට නියමිතයි.එන්නත් ලබා ගැනීමට පැමිණීමේදී සිය ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණීම අත්‍යාවශ්‍ය බව පැවසීය.මෙම එන්නත් කරන කටයුතු ලබන (21) බ්‍රහස්පතින්දා සිට පළාත් මට්ටමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.