Spread the love


කැළණිය ,වත්තල හා ජාඇල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ වල කළ සෝදිසි මෙහෙයුම් වලින් රුපියල් හැත්තෑ ලක්ෂ යක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 678 දෙනෙකු ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම වැටලීම් ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් යන මාස නවය තුළ සිදු කොට තිබේ .මෙහිදී නිති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 14ක්, මත්පැන් ළගතබා ගැනිම් 111 ක්, බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු ,බියර් අලෙවි කළ ස්ථාන 36 ක්, බදු නොගෙවු සිගරැට් ළග තබා ගැනීම් 83 ක්, ගංජා ,හෙරොයින් ,අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් 430 ක් සිදු කොට ඇතැයි ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතා පවසයි.


මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මහර, වත්තල හා අලුත්කඩේ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් පනස්තුන්ලක්ෂ තිස් අටදාස් පන්සියයක දඩ මුදලක් අය කරගෙන තිබේ.


ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,ජාඇල සුරාබදු අධිකාරී ආර්.ඒ.ඩී ඉන්ද්‍රනාත් යන මහත්වරුන්ගේ උපදෙස් මත ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, පරීක්ෂකවරුන්වන ලක්මාල් බණ්ඩාර ,ගුණසිංහ ,කැකුලන්දර, සැරයන් වරුන්වන ලොකුපිටිය, හේරත්, කෝප්‍රල් වරුන්වන රත්නසිරි, සුරංග ,රාමනායක , ධර්මසිරි , හේමන්ත, නියාමක වරුන්වන ධනුක, සමීර ,බුද්ධික, උදාර රියදුරු රවින්ද්‍ර යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.