Spread the love

දැනට ක්‍රියාත්මක කොරෝනා පාලන නීති සමාලෝචනය සදහා කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකාය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව හෙට (16) දිනයේ යම් යම් සීමා ලිහිල් කරද ජනතාව තවදුරටත් ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බව පැවසීය.

මේ වනවිට විවිධ රටවල සංචරණ සීමා ලිහිල් කර පසු නැවත කොරෝනා රැල්ලක් ඇති වී ඇති් බැවින් ජනතාව හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.