Spread the love

මෝදර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දුන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිදධියෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

එම සිද්ධියට සම්බන්ධ සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී ඇතිවු ගැටුමකදී පොලිස් නිළධාරීන් දෙදෙනා තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවාය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල වු පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාරලබා ගැනීම සදහා රෝහල් ගතකර තිබේ.