මෙම සති අන්තයේ සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් එලෙස පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් දේශීය සංචාරකයින් ඇල්ල සංචාරක කලාපයට පැමිණ ඇති ආකාරය අද (17) පෙරවරුවේ දක්නට ලැබුණි.
එහි පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවල දැකගත හැකි විය.
එමෙන්ම ඇතැමුන් මුහුණු ආවරණ හෝ නොපැලඳ කටයුතු කරන ආකාරය ද දක්නට ලැබුණු බවද අප වාර්තා කරු සදහන් කලා.
ඇල්ල සංචාරක කලාපයේ සංචාරක හෝටල් බහුතරයක් මේ වනවිටත් සංචාරකයින්ගෙන් පිරීගොස් ඇති බවයි වාර්තා වන්නේ .
