කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව සංශෝධනය කර තිබේ
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය මත මීට පෙර කඨින චීවරය රැගත් පෙරහැර සඳහා අවසර ලබා දී නොතිබුණත් එය උපරිම සැදැහැවතුන් 50 දෙනෙකු ට හෝ ඊට අඩුවෙන් සහභාගී කර ගතයුතුය.
20 දෙනෙකු ට සීමා කර තිබු කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සඳහා උපරිම සැදැහැවතුන් 50දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට අවසර ලබාදී ඇත.
මේ අතර කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා ද උපරිම සැදැහැවතුන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
