අද (19) දිනයේ මෙරටට ගෙන ඒමට නියමිත නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂය දිවයිනේ ප්‍රදේශ රැසක වී වගාව සදහා කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවසීය.
ඒ අනුව අම්පාර ,මඩකළපුව ,අනුරාධපුර ,පොලොන්නරුව ප්‍රදේශ වල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීම සිදුකරන බව පැවසීය.
ලබන 21 හෝ 22 දෙදින බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන අතර වී වගාව සදහා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙනු ඇත. මේ ලබාදෙන පොහොර ගසන්නේ පසට නොව පැලය වැඩීම සදහා බවද වැඩි දුරටත් පැවසුවේය.
