ලබන (21) වනදායින් පසුව බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත් වල සිසුන් එන්නත් කිරීමට පියවර ගෙන ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල පළමු වර සහ දෙවන වර පෙනීසිටින සිසුන් එන්නත් කිරීමට පියවර ගනෙනු ඇත.
දරුවන් අධ්‍යපනය ලබන පාසලෙන් හෝ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් එන්නත් ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දෙන තෙක් රැදී සිටින ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර මේවන විට වයස අවුරුදු 20-30 අතර පිරිසෙන් 60% අධික පිරිසක් මේවන විට එන්නත් කරණයට යොමුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.
