Spread the love

නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් දුම්රිය ධාවනය ආරම්භ කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

රටේ සියලුම අංශ විවෘතව ඇති අවස්ථාවක දුම්රිය සේවය පමණක් ආරම්භ නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් එස්.ටී විතානගේ මහතා පවසයි.

දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ දුම්රිය ධාවනය ආරම්භ නොකිරීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශවසේවකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවය.

මේ හේතුවෙන් පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් කඩිනමින් දුම්රිය සේවාව සෞඛ‍්‍ය ආරක්ෂිතව ආරම්භ කිරීමට  පියවර ගන්නා ලෙස දුම්රිය වෘත්තිය සමිති බලධාරින්ගෙන් ඉල්ලා සිටී.