
අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන දිවයින පුරා අද (22) සිට ආරම්භ කෙරේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
පාසල් සිසුන් සඳහා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.
එන්නත්කරණ වැඩසටහන සඳහා අවශ්‍ය ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් තොග සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මේ වන විටත් යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා වැඩි දුරටත් පැවසුවේය.