Spread the love


ජනතාවට තිබෙන ප්‍රශ්ණ උග්‍රකර ඔවුන් වෙනත් මාවතකට ගෙන යමින් උත්ඝෝෂණ පවත්වාගෙන යාමෙන් දේශපාලන අභිමථාර්ත ඉෂ්ඨකර ගැනීමට දෙමළ සංධානයේ සුමන්දිරන් වැනි කපටි දේශපාලත්ඥයින් උත්සාහ ගනිමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.


අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ උතුරු මුහුදේ පසුගිය දා සිදු කළ ධීවර උත්ඝෝෂණය පිළිබද කිලිනොච්චියේ පැවති ජන හමුවක දී අදහස් සක්වමිනි.
උතුරේ බහුතරයක් වන ධීවර ජනතාවගේ ගැලවුම්කරුවා ලෙස මවා පාමින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ජනතාවට අගවමින් ජනතාවට ඇති ප්‍රශ්ණ උග්‍රකර තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සැළසුම් සහගතව ජනතාව මුලාකිරීමට ඔවුන් කටයුතු කරන බවයි.


උතුරේ ජනතාවගේ ගැටලු වලට සාධාරණ විසදුම් ලැබුණහොත් TNA දේශපාලන ප්‍රවාහයට යම් තර්ජනයක් වන බව දන්නා සුමන්දිරන් වැනි අය සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියා කිරීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා පැවසීය.

තමන් ඉන්දීය ධීවරයන්ගේ උතුරු මුහුදේ සිදුකරණ මුහුදු සම්පත් ආක්‍රමණය නතර කිරීම සදහා විවිධ පැති 4ක් ඔස්සේ ක්‍රියා කරගෙන යන බවත්, ඒ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉන්දීය මධ්‍යම රජය සමග ද අදාල ඉන්දීය ප්‍රාන්ත දේශපාලන නායකයින් සමගද දෙරටේ ධීවර සංගම් මට්ටමින්ද සාකච්ඡා කර මෙම ගැටලු වලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට උත්සාහ කරන බව පැවසීය.


ඊට අමතරව උතුරු මුහුදේ සිදුකරන බොටම් ට්‍රෝලින් මගින් ධීවර කටයුතු සිදු කරණ ධීවරයන් මෙන්ම ඔවුන්ගේ ධීවර උපකරණ ද අත්අඩංගුවට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරණ බවත් තවද එමේන්ම උතුරු පළාතේ ධීවරයන් සමග එක් වී ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පැවසු අමාත්‍යවරයා මෙම තත්ත්වය තුළ කෙසේ හෝ සිය අමාත්‍ය දූර කාලයේදි ඉන්දීය
ධීවර ආක්‍රමණය නතර කිරීමට කටයුතු කරන බවද පැවසීය.