Spread the love


කොච්චිකඩේ නගරයේ පවතින රථවාහන තදබදයට විසදුමක් ලබා දීම සදහා දලුපොත මං සන්ධියේ සිට තෝප්පුව පාලම දක්වා මංතීරු හතරක් යටතේ සංවර්ධනය කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නිමල් ලන්සා මහතා එසේ පැවසුවේ අද නගර සීමාව මංතීරු හතරක් යටතේ පුළුල් කිරීම සම්බන්ධව සිය අමාත්‍යංශයේ පැවැති විශේෂ

සාකච්ජාවකදීය

දැනට කොච්චිකඩේ නගර සීමාවේ පවතින අධික රථවාහන තදබදය වැළැක්වීම වෙනුවෙන් දලුපොත මංසන්ධියේ සිට තෝප්පුව පාලම දක්වා කිලෝ මීටර් 5.6 ක දුරක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට හඳුනාගෙන තිබේ. එහි පළමු අදියර ලෙස කොච්චිකඩේ නගර සීමාවේ මීටර් 820 ක් මංතීරු හතරක් යටතේ සංවර්ධනය කිරීම කඩිනම් කරනු ඇත. එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව හා පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

පෑලියගොඩ පුත්තලම (A003) මාර්ගයේ අනුරාධපුර, පුත්තලම හා යාපනය ප්‍රදේශවලට ගමන් කරන රථවාහන කොච්චිකඩේ නගරය මග හැර යාමට විකල්ප මාර්ග භාවිතා කිරීමට නැඹුරුවීම හේතුවෙන් කොච්චිකඩේ නගරයේ ව්‍යාපාරික කටයුතු පහළ යා හැකි බැවින් මෙන්ම ජනතාවගේ කාලය, මුදල් ඉතිරි කර ගැනීම හා පරිසර දූෂණය අවම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාවට අවම හානිය වන පරිදි කටයුතු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය
ව්‍යාපාරික සංගමයද මෙම මාර්ගය මංතීරු හතරක් යටතේ පුළුල් කොට නගරයේ සංවර්ධනය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව පැවසීය.

පොල්, කිතුල්, තල් හා රබර්වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති, මාහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි,මාර්ග සංවර්ධන අධකාරියේ සභාපති චමින්ද අතලුවගේ, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, අධ්‍යක්ෂ (ඉඩම්) නෙත්තිකුමාර, කොච්චිකඩේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජූඩ් සිල්වා, ලේකම් ආර්.එම් ශාන්තකුමාර, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.