
පොහොර සිද්ධියක් සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි.ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පෙන්වා දෙයි.
එහි දැක්වෙන්නේ ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ඉලක්ක කර නිර්මාණය කරන සාවද්‍ය ප්‍රවෘත්තියක් බවය.
එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කරන ඒවා බවද පෙන්වා දෙයි. “රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක්. එහිදී නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමකි,” යනුවෙනි.
මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවාදක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සඳහන් කරයි.