විදෙස් රටවල් මත යැපීම වෙනුවට දේශීය නිෂ්පාදන නැංවීමේ වැඩපිළිවෙළක් ඉදිරි අයවැය මගින් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විදෙස් රට වලින් යැපෙන රටක් වෙනුවට දේශීය ආර්ථිකය මත සංවර්ධනය වන රටක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) මිනුවන්ගොඩ නගරයේ පැවති රැස්වීමේදීයි නගර 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ නගරයේ සංචාරක ආකර්ශනීය දේශීය නිශ්පාදන අලෙවි මධ්‍යස්ථානයක් තුරු වදුල උද්‍යානයක් ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
රුපියල් මිලියන විස්සක් වැය කරමින් ඉදි කෙරෙන මෙම දේශීය නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය වෙළඳ කුටි 16 කින් සමන්විත අතර මෙහි ඉදිකිරීම් මෙම වර්ෂය තුළ අවසන් කිරීමටද නියමිතයි.
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් මෙවැනි අලෙවි මධ්‍යස්ථාන 11ක් ඉදිකෙරෙයි. පැලියගොඩ, ඒකල, අත්තනගල්ල, මාකෙවිට, ගණේමුල්ල,මැල්ලවගෙදර, දිවුලපිටිය, ඇවරියවත්ත නගර මූලික කරගනිමින් එම මධ්‍යස්ථාන ඉදි කෙරේ.
රට පුරාම මෙවැනි අලෙවි මධ්‍යස්ථාන එකසිය විස්සයික් ඉදිවෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍යවරයා මෙසේද පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව නගර සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපොළට ආසන්නයේ තිබෙන නොනිදන නගරයක් බවට මිනුවන්ගොඩ නගරය පත් කරන්න අපි කටයුතු කරන බවයි.
