
කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේදී අහසට වෙඩි තැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතිබව පොලිස්මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
කඩවත කුප්පියාවත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබෙනවා. පුද්ගලයාට පහර දෙන ලද පුද්ගලයා සොයා කඩවත පොලිසියේ උපපොලිස් වරයකු ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා පදිංචි ප්‍රදේශයට ගොස් ඹහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරිමේදී සැකකරුගේ ඥනීන් හා අසල් වාසීන් පැමිණි අදාල පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බාධා කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ මොහොතේ උප පොලිස් පරීක්ෂක වරයා අහසට වෙඩි තැබීමක් සිදු කර පිරිස පලවා හැර පාලනය කිරිමක් සිදු කර තිබෙනවා. අහසට වෙඩි තැබිමක් සිදු කළ බවට පොලිසිටය වාර්තා නොකිරීම හේතුවෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතය .