
උඩුගම්පල වීදියවත්ත ප්‍රදේශයේ සැලුන් එකක් තුළට වී හෙරෝයින් පානය කරමින් සිටි සැකකරුවන් 12 දෙනෙක්, හෙරෝයින් ග්රැම් 06 ක් ද සමගින් ගම්පහ පොලිසියේ නිළධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20-32 වියේ පසුවන වීදියවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් බව ගම්පහ පොලීසිය පවසයි . අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී 1 තුසිත කුමාර හා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ, යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) බිණුර රණසිංහ, කොස්තාපල් වරුන්වන ප්‍රියන්ත 94007,චානක 30131,සුදේශ් 32118,දසනායක 91397, යන නිළධාරීනහු මෙම වැටලීම සිදුකළහ.