Spread the love

ෆයිසර් එන්නත ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී 11 .12 ,13 යන ශ්‍රේණිවල දරුවන්ට ලබාදීම අද සිදු කෙරිණ. මෙහිදි එක්වරකට පාසල් දරුවන් 200 බැගින් ගෙන්වා එන්නත ලබාදීමට පියවර ගත් බව ගම්පහ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පවසයි. අද දිනයේ පටන් ගත් ෆයිසර් එන්නත හෙට සහ අනිද්දා ත් පාසල් දරුවන් සදහා ලබා දීමට පියවර ගන්නා බවද නන්දන පතිරගේ මහතා පැවසුවේ