Spread the love


ජනතාවට ඉහල ප්‍රමිතියෙන් යුතු කාර්යක්ෂම පරිසර හිතකාමි ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින් ස්ථාපිත මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පහසුකම් තව දුරටත් පුළුල් කිරිමට කටයුතු සැලසුම් කෙරේ.
මහ කොළඹ ප්‍රවාහන ජාල වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වන මගී ජනතාවට සේවාවන් රැසක් සපයමින් සිටි.
ඒ් අනුව ජනතාවට දුරගමන් බස්රථ සේවා ලබා ගැනීමට හැකිවීම, මාකුඹුර (මාලපල්ල) දුම්රිය ස්ථානය ට යාබදව පිහිටා තිබීම නිසා දුම්රිය සේවා ලබා ගැනීමට හැකි වීම, ආපනශාල පහසුකම් ලබා ගැනීම,බැංකු සේවා පහසුකම් ලබා ගැනීම, නවීන සන්නිවේදන ක්‍රම භාවිතය සදහා පහසුකම් ලබා ගැනීම,පරිසර හිතකාමී සුව පහසු වටා පිටාවක් තිබීම ,පෞද්ගලික වාහන නවතා තැබීමේ පහසුකම්. දැනට ක්‍රියාත්මක ‘සිටි බස්’ (city Bus )සේවාව හා සම්න්ධවීම, යා යුතු ගමන් මාර්ග පිළිබදවත්, බස්රථ ගමන් ගන්නා වේලාව පිළිබදවත් ඩිජිටල් තිර මගින් දැන ගැනීමේ හැකියාව, ශාරිරික ව්‍යායාම සදහා ඇවිදින මංතීරු පහසුකම් ලබාදීමට මගී ජනතාවට අවස්ථාව හිමි වේ.
එමෙන්ම ආරම්භ කිරිමට නියමිත ඉන්ධන පිරවුම්හල මගින් මධ්‍යස්ථානය වෙත පැමිණෙන වාහන සදහා ඉන්ධන ලබා ගැනීම, වාහන නඩත්තු සේවාවන් සපයා ගැනීමේ පහසුකම්ද ජනතාවට හිමි වේ.
මගී ජනතාවට සේවා සැපයීමට අමතරව මධ්‍යස්ථානයේ ආදායම් උත්පාදන කටයුතු පුළුල් කෙරමින් පවති.ඒ් සදහා ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කිරිම වාහන සේවා ස්ථානය ස්ථාපිත කිරිම, වාහන ගාල් කිරීමේ (Park and Ride) කාර්ය වෙනුවෙන් ගාස්තු අයකිරිම, බැංකු සේවා , ආපනශාලා සේවා සැපයීම වෙනුවෙන් කාර්යාල පරිශ්‍ර ලබාදීම තුලින් ආදායම් ඉපයීම, පුනර්ජනීය බලශක්තිය සැපයිම තුලින් ජාතික විදුලිබල පද්ධතියට විදුලි ඒ්කක ලබාදීම, වැනි කාර්යයන් තුලින් ආදායම් ඉපයීමද අපේක්ෂා කෙරේ.