Spread the love


දිවයිනේ ඉදිරි පැය 24 බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම හා වයඹ යන පලාත්ව ල හා යාපනය ,මන්නාරම ,මුලතිව් කිලිනොච්චි ,ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල මිලි මීටර් 100 වැඩ තද සුළං සමගින් ගිගුරුම් සහිත වැසි ඇතිිවිය හැකි බැවින් අකුණු අනතුරු සිදු වියහැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.


දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිණේ නැගෙනහිර වෙරළට ඹබ්බෙන් වන මුහුදු
වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී .මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

මේ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝ මීටර් 60-65 පමණ දක්වා වැඩි විය හැකි බැවින් නැවත දැණුම්දෙන තුරු ධීවර හා නාවික කටයතුු වල නොයෙදෙන ලසෙ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට සුළගේ වේගය පැයට කිලෝමිටර් 50-55 දක්වා වැඩිවිය හැකිය

ත්‍රිකුණාමලය ,කන්කසන්තුරේ හරහා පුත්තලම දක්වාත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වලින් වලිකී සිටිින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.