
දිවයිනට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම සදහා අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. සංචාරක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය, වෙලද අමාත්‍යාංශය, පුරා විද්‍යා හා ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශය යන අමාත්‍යාංශ හා ඒ යටතේ ඇති ආයතන ඒකාබද්ධව මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්ත සහිත රටක් ලෙස විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම වැඩසටහනේ අරමුණ බවයි.
වෙළද අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් විදේශ රටවල ධුත මණ්ඩල සාමාජිකයන් හා වාණිජ දෙපාර්තුමේන්තු ද නියෝජිතයන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගියදාපැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ඉදිරි කාලයේ දී මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පැවති මෙම හමුවේ දී විදේශීය ධුත මණ්ඩල සාමාජිකයන් හා වාණිජ නිළධාරීන් පෙන්වා දුන්නේ මෙරට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස යාවත්කාලීන නොවීම නිසා සංචාරකයින් ගෙන්වීමේදී විවිධ ගැටලු මතුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවත් ඉදිරියේ දී ඊට විසදුම් ලැබෙනු ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහි දී කීවේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හෝ වෙනත් සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙන් වෙන් වශයෙන් ප්‍රවර්ධනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාව රටක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කල ඇමතිවරයා එමඟින් සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.
මෙරට සංචාරක කර්මාන්තය නංවාලීම සදහා සිනමා කර්මාන්තයට අවශ්‍ය පසුතල සැපයීම, විදේශීය විවාහ මංගල උත්සව මෙරට පැවැත්වීම හා ජාත්‍යන්තර සමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම කෙරෙහි ද සංචාරක අමාත්‍යාංශ විශේෂ අවධානය යොමු කර ඇතැයි සංචාරක ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.