
කෑගල්ල ,රුවන්වැල්ල හා මාවනැල්ල යන ප්‍රදේශවල කළ සෝදිසි මෙහෙයුම්වලදී රුපියල් දෙලක්ෂ පනස්දහසක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 74 දෙනෙකු මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලී ග්‍රෑම් දෙලක්ෂ දාහත්දාස් පන්සියයක්,බියර් මිලි ග්‍රෑම් 1500 ක් ,රජයේ අරක්කු බෝතල් 2 ක් ,දගර 11 ක්,බැරල් 17 ක් අතුළු පෙරණ උපකරණ තොගය ක් තිබු බව මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවිපතිරණ මහතා පවසයි.

සුරාබදු නිලධාරීන් ගතවු මාසය තුළ කල සෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 11 ක් රජයේ මත්පැන් අලෙවි කරණ අලෙවිකළ ස්ථාන 3 ක් හා බියර් අලෙවි කළ ස්ථානයක් කොටු කර ගැනීමට සමත්වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්නපුර,අවිස්සාවේල්ල,වැල්ලවාය,රුවන්වැල්ල ,දඹුල්ල,මාවනැල්ල හා වරකාපොල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිිරිපත් කිිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 11 ක් කාන්තාවන් බවද මලවිපතිරණ මහතා පැවසුවේය.
මධ්‍ය පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න ,සුරාබදු අධාකාරී ආර්.එම් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත ,මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතාගේ අධිීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන අනුර අලුත්ගේ ,එදිරිසිංහ ,සරත් කෝරලේගෙදර ,සැරයන් අරවින්ද,කෝප්‍රල්වරුන්වන පතිරණ ,පාලිත,නියාමකවරුන්වන තරිදු ,සංඛ,රණසිංහ,නවරත්න ,වීරකෝන් රියදුරු වරුන්වන බණ්ඩාර හා ජගත් යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.