දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙස ට ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ.
පොදු ස්ථාන වෙළද සැල් ආපනශාලා,ඇතුළු ජනතාවගැවසෙන ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට සොයා බැලීමට තීරණය කර තිබෙනවා.
එන්නත ලබා නොගන්නා පිරිස් වල ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබදව නීතිි පති උපදෙස් ඉල්ලා ඇති බවද සදහන් කළා.
කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය බරපතල ලෙස අඩාල වී ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර සියලු පාසල්වල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ මේ වන විට ලබාදී තිබෙන බව ද මෙහිදී අනාවරණය කෙරුණා.
එන්නත ලබා නොගන්නා පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කොරෝනා නීති ප්‍රකාරව ප්‍රතිපාදන ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ද සඳහන් කළා. පාසල් දරුවන් එන්නත්කරණය සඳහා ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා.
කොවිඩ් මරණ අනුපාතය සහ ආසාධිතයින් අඩු කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාවට නැංවිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත්තේ දුෂ්කර ප්‍රදේශවල එන්නත්කරණයට ජංගම රථ යොදවමින් සියලු ජනතාවට එන්නත ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙන ලෙසටයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්, ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ද සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. එන්නත්කරණය පිළිබඳ විවිධ කණ්ඩායම් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු ජනාධිපතිතුමා වෙත කරුණු හෙළි කළ අතර එන්නත්කරණය පිළිබඳ ජනතාව තුළ අනවශ්‍ය බිය ගැන්වීම් ඇති කිරීමට උත්සාහ කරන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ සංවිධානගත කණ්ඩායම් පිළිබඳ වහාම සොයා බලන ලෙසටයි ද ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ.
පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙසට ද ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කොරෝනා හමුවේ අභියෝගයට ලක්වූ ආර්ථිකය යලි පණ ගැන්වීමේ ප්‍රමුඛ අංශය ලෙස සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇති අතර ඊට අදාළ නව තීරණ රැසකට කඩිනමින් එළැඹීමේ අවශ්‍යතාවය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් පෙන්වා දෙනු ලැබුවා.
සෞඛ්‍ය විශේෂඥ උපදෙස්වලට යටත්ව සංචාරක කර්මාන්තය ඉහළට ගැනීමට වඩාත් උනන්දුවෙන් සියලු දෙනා සහයෝගය දිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි මෙරටට පැමිණ නැරඹීමේ අවස්ථාව විදේශ ප්‍රේක්ෂකයින්ට ලබාදීම කෙරෙහි ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
ඔවුන් ජීව බුබුළ තුළ රඳවා ගනිමින් පහසුකම් සැපයීමේ හැකියාව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ. ඉදිරියේ දී මෙරට පැවැත්වෙන LPL තරගාවලිය ඇතුළු තවත් බොහෝ තරග නැරඹීමට ප්‍රේක්ෂකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව සළසා දෙන ලෙස දෙස්, විදෙස් තරග සංවිධායකවරුන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දී තිබෙනවා.
