
නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඔක්තෝබර් මස 31 වනදා අළුයම 04.00 ට දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට ඊයේ (29) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණය කර තිබුණි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන කාර්යාල සේවකයින් සඳහා විශේෂ බස් රථ සේවා ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවය.
මේ අතර නොවැම්බර් මස පළමුවනදා සිට පළාත් අතර දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රවේශ පත්‍ර කවුළු හරහා මගීන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව ද පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.