Spread the love


ගුණාත්මක බැවින් ඉහල ඖෂධ සාධාරණ මිලට ජනතාවට ලබාදීමේ ප්‍රමුඛයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .


ඇමතිවරයා එසේ පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 50 වන ශාඛාව හොරණ දීඊයේ විවෘත කළ අවස්ථාවේදීය.

එසේම කොවිඩ් 19 වසංගතය මර්දනය පිණිස එන්නත්කරණ ජාතික වැඩසටහනට අවශ්‍ය එන්නත් කඩිනමින් මිලදී ගැනීමත්, එය කඩිනමින් ජනතාවට ලබා දීමටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රමුක කාර්ය මණ්ඩලය සුවිශේෂී කාර්යබාරයක් ඉටුකල බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ජාතික උරුමය ප්‍රාසාංගික කලා හා ග්‍රාමීය මෙම අවස්ථාවට කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය විදුර වික්‍රමනායක ,හොරණ නගරාධිපති,ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සාමාන්‍ය අධිකාරි දිනුෂ දසනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.