මාකවිට වැලිකඩ ප්‍රදේශයේ වගුරු බිමක පවත්වාගෙනගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා මිලී ලීටර් 90 0000 ක් සමගින් එක් සැකකරුවකු ගම්පහ කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිිරියේදී ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ වැඩබලන ස්ථානාධිපති ,පොලිස් පරීක්ෂක දුෂ්‍යත්න පෙරේරා,කොස්තාපල් වරුන්වන විනෝද්,චන්දලාල්,ජයකොඩ් හා ලක්මාල් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
