පාලාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ කොවියිඩ්-19 කමිටුවේ අවසරය මත හෙට සිට පලාත් අතර දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

මෙතෙක් දුම්රිය ධාවනයවුයේ පලාත් තුළ වුවත් හෙට සිට දුම්රිය ගමන් ඇරඹීමේදී දුම්රිය ගමන්වාර 180 ක් පමණ ධාවනයට එක් කිරීමට නියමිතය.
පලාත් අතර දුරගමන් සේවා දුම්රිය ධාවනය ආරම්භ කෙරෙනුයේ මාස හයකට පසුව වන අතර එහිදී දුර ගමන් සේවා දුම්රිය හයක් ධාවනයට එක් කිරිමට නියමිතය.බදුල්ල,කන්කසන්තුරය හා මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා නොවැම්බර් මස 03 වන සිට ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනු ව ප්‍රධාන මාර්ගයේ මහනුවරට දුම්රිය ගමන්වාර 3ක් ,රඹුක්කන 6ක්, පොල්ගහවෙල 04ක්,අඹේපුස්ස 03ක්, මීරිගම 03,වේයන්ගොඩ 03ක්, ගම්පහ 02ක් හා රාගම 01 ක්ද යනුවෙන් කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 25 ක් ද ධාවනය ට එක්කෙරේ.
උතුරු මාර්ගයේ මහව සිට එක් දුම්රියක් ද, කුරුණෑගල සිට දුම්රිය දෙකක් කොළඹ කොටුව දක්වා ද ,කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල 03ක්ද,කොස්ගම 01ක්ද, පාදුක්ක 02, හා හෝමාගම 01 දුම්රිය ස්ථාන වල සිට දුම්රිය ගමන් වාර 07 ක් කොළඹ කොටුව දක්වා ද, පුත්තලම් මාර්ගයේ පුත්තලම 01ක්ද, හලාවත 02ක්ද,කොච්චිකඩේ 01 හා මීගමුව 04 ක්යන දුම්රිය ස්ථානවල සිට දුම්රිය ගමන් වාර 08 ක් කොළඹ කොටුව දක්වා ද, මුහුදුබඩ මාර්ගයේ බෙලිඅත්ත 01ක්ද, මාතර 02ක්ද, ගාල්ල 02ක්ද, හික්කඩුව 01ක්ද,අලුත්ගම 06ක්ද, දකුණු කලුතර 03ක්ද.වාද්දුව 01ක්ද ,පානදුර 05ක්ද, මොරටුව 04ක්ද, ගල්කිස්ස 01 ක්යන දුම්රිය ස්ථාන වල සිට මරදාන දක්වා දුම්රිය ගමන් වාර 33 ක් ද ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
නොවැම්බර් පළමුවන දින සිට ප්‍රවේශපත් නිකුත් කිරිම හා මාසික වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කටයුතු සිදු කරන අතර මාසික වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රිය භාවිතා කිරීමට ලබා දුන් අවස්ථාව එමගින් අහෝසී විය.
තව දුරටත් පාර්සල් ප්‍රවාහන කටයුතු සිදු නොවන අතර අත්‍යවශ්‍ය කරුණකට හැර අනවශ්‍ය ගමන් බිමන් සඳහා දුම්රිය භාවිතා නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කසුන් චාමර මහතා පැවසුවේය.
