අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාන ගතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර,සබරගමුව මධ්‍යම ,වයඹ,සහ ඌව පලාත්වලත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තදවැසි ඇතිවිය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදෙශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 වැඩි තරමක වැසි ඇතිවිය හැකි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලක තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලාසිටී .
