Spread the love


කොකේන් ගුලි 50 ක් උදරයේ සගවා ගෙන මෙරටට පැමිණි කෙන්යානු ජාතිකයකු ඊයේ උදාසන 10.30 පමණ කටුනායක ගුවන්තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊයේ උදාසන කෙන්යාවේ සිට එමිරේට්ස් ගුවන් සේවයේ අංක EK650 ගුවන් යානයෙන් මෙරටට පැමිණි ඇත. 39 හැවිරිදි පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනසක් දුටු රේගු නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන ශරීර පරීක්ෂණ යන්ත්‍රයෙන් පරික්ෂා කිරීමේදී උදරයේ සැකකටයුතු දෙයක් සගවා ඇති බවට සථාත කරගෙන තිබේ.

පසුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේද කොකේන් ගුලි 50ක් සගවා ගෙන පැමිණි බවට පිළිගෙන ඇත. එයින් මත්ද්‍රව්‍ය ගුලි 6 ක් ගුවන්තොටුපළ තුළදීම පිටතට ගෙන තිබේ.

පසුව කළ පරික්ෂාවකදි ගුලි 15 ක් මේවනවිට පිටතට ගැනීමට නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදී තිබේ.