ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් මත රාජගිරිය ප්‍රදේශයේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් සයිනෝ ලංකා සමාගම සදහා (Sino Lanka Properties Two Pvt. Ltd) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
මහල් පහකින් සමන්විත වර්ග අඩි 40 000ක වපසරියකින් යුතු මෙම ව්‍යාපෘතියේ මහල් තුනක් කාර්යාල හා වානිජ කටයුතු වෙනුවෙන්ද ඉහල මහල් සුපෝඛභෝගී හෝටලයක් සදහා වෙන් වී ඇත.
සයිනෝ ලංකා සමාගම ආගන්තුක සත්කාරය, අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ දේපල සංවර්ධනය වැනි ව්‍යාපාර යන්හි නිරත සමාගමකි.
අදාල ගිවිසුම් අත්සන් කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය හර්ෂ කබ්රාල්,සංජය කුලතුංග සහ සයිනෝ ලංකා සමාගමේ අධ්‍යක්ෂ ඩිරෙන් කුන්ඩන්මාල් මහතා අතර සිදු විය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතාද සහභාගිවුහ.
