ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පස්වෙනි සංවත්සර සැමරුම සෞඛ්‍ය මාර්ගෝපදේශ සුරකමින් හෙට (02) පෙරවරු 10.00 ට නෙළුම් පොකුණ රඟහලේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අභිමානයෙන් සෞභාග්‍යය කරා යන තේමාව යටතේ මෙවර සංවත්සර සැමරුම පැවැත්වෙන අතර සීමිත නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් චාම්, අභිමානවත් උත්සවයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිව්වෙනි සැමරුම් උත්සව මාලාව නොපවැත්වීමට පක්ෂ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා විසින් කටයුතු කළ අතර අනුබද්ධ සංවිධානවල සම්මේලන ද ඒ අනුව තාවකාලිව අවලංගු කෙරිණ. රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන මාර්ගෝපදේශයන්
පිළිපදිමින් සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සිදුවන අතර ඒ අනුව මෙවර පක්ෂ සම්මේලන කටයුතු ද නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
