Spread the love


පවතින අයහපත් කාල ගුණික තත්ත්වය හේතු‍වෙන් මධ්‍යම පලාතට ඇද හැලෙන වර්ෂාවත් සමගින් උඩරට දුම්රිය මාර්ගයේ ගම්පොල හා උලපනේ දුම්රිය ස්ථාන අතර පැවැති පාලමක කොටසක් කැඩී යාම හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා දුම්රිය ධාවනය කටයුතු හෙට සිට සිදු කිරීමට නොහැකි වන බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.


.මේ හේතුව නිසා දුර ගමන් සේවා ආරම්භ කිරීමට බාධා ඇති වුවද කැඩි ගිය පාලමේ අලුත්වැඩියා කටයුතු මේ වනවිටත් මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් ආරම්භ කර ඇතැයිද කසුන් චාමර මහතා පවසයි.


දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් හැකි ඉක්මනින් කැඩුණු පාලමේ කොටස අලුත්වැඩියා කොට උඩරට දුම්රිය මාර්ගය දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.